The Institute of National Security Studies
held a discussion about facts and the importance of think tanks in decisions on
policy making. Among the participants were Prof. Asanga Abeygoonesekara,
Director General of INSSSL, and Dr. Ranga Jayasuriya, a prominent journalist
and senior fellow at INSSSL. The
discussion was in light of INSSSL being ranked 101 by the Think Tanks and Civil
Societies Program of the Lauder Institute at the University of Pennsylvania. Considering that INSSSL was established just
three years ago in 2016, this ranking is a notable achievement.
In his introductory remarks Prof.
Abeygoonesekara spoke about how the role of think tanks in advancing
policymakers through predicting future trends is very important in a volatile,
contentious world. Some of the examples of volatility he cited were the rise of
populism in countries like the US, the extreme polarization in Venenzuela, and
closer to home, the constitutional crisis of last October. The Director General
also referenced other contentious issues which directly affect Sri Lanka, such
as the viability of Chinese funded projects in Sri Lanka, which have been
falsely reported as being responsible for Sri Lanka’s foreign debt. As such,
the Director General spoke about the importance of think tanks in providing
reliable, well=researched information to make appropriate decisions on complex,
contentious issues. To this effect, the DG spoke about how Sri Lanka’s think tanks
are underfunded; primarily through the lack of attractive wages in order to
attract the brightest in the field. He contrasted Sri Lanka to countries like
India, whose policymakers both invest and consult more extensively with think
tanks.
Dr. Ranga Jayasuriya spoke about the vital
roles which think tanks play in predicting future political events, and
providing the expertise for governments to achieve their objectives. An example
which Dr. Jayasuriya cited regarding the former was how think tanks played a
key role in predicting the fall of the Soviet Union. Regarding the latter, from
a Sri Lankan context, Dr. Jayasuriya spoke of how think tanks could have played
a role in helping the government come up with an effective strategy in order to
counter baseless allegations of war crimes leveled against the Sri Lankan
military. In order to achieve these objectives, Dr. Jayasuriya explained that
think tanks needed to be depoliticized and provided more autonomy. He argued
that this would increase the possibilities of policy makers receiving objective,
high quality - advice.
Professor Chandra Embuldeniya spoke about how think tanks can help solve problems and serve as an asset to state resources. Addressing the issue of think tank proposals largely not being adopted by policymakers, Professor Embuldeniya suggested establishing a committee that can convey the proposals presented by think tanks to policy makers who can then implement it. Lastly, Professor Embuldeniya asked INSSL to work with other think tanks and come up with evaluation criteria to assess the performance of think tanks.
ජාතික ආරක්‍ෂක අධ්‍යයන
ආයතනය (INSSSL)
ගෝලීය බුද්ධි
මණ්ඩල අතරට…
පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ
ලූඩර් ආයතනයෙහි බුද්ධි මණ්ඩල සහ සිවිල් සමාජ පිළිබඳ වැඩසටහන මගින් ජාතික ආරක්‍ෂක අධ්‍යයන
ආයතනය (INSSSL) ආසියා පැසිෆික්
කාණ්ඩයේ ප්‍රධාන බුද්ධිමණ්ඩල (Think Tanks) අතරට තේරී පත්කොට ඇත.
සෑම වසරකම ලෝකයේ බුද්ධි මණ්ඩල ශ්‍රේණිගත කිරීමකට
ලක් කෙරේ. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ලූඩර් ආයතනයෙහි බුද්ධි මණ්ඩල සහ සිවිල්
සමාජ පිළිබඳ වැඩසටහන (TTCSP) තුළ ලොව ප්‍රමුඛතම බුද්ධි
මණ්ඩලයන් (Think Tanks) සාමාජිකත්වය
දරයි. (TTCSP) මගින් වසර 27 කට අධික
කාලයක් පුරා මෙම බුද්ධි මණ්ඩල (Think Tanks) පිළිබඳව ලේඛනගත කර ශ්‍රේණිගත කර ඇති අතර ලොව පුරා
විද්වතුන් 1,796 දෙනෙකුගේ සහාය මීට ලබා ගෙන ඇත. ලෝකය පුරා බුද්ධි
මණ්ඩල (Think Tanks) 2000 කට අධික සංඛ්‍යාවක් ඇගයීමට ලක් කර ඔවුන්ගේ
ක්‍රියාවන් සහ කාර්යසාධනය අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත. 2016 වසර තුළදී එනම් මීට වසර
තුනකට පෙර අතිගරු ජනාධිපතිතුමා විසින් ස්ථාපිත කරන ලද ජාතික ආරක්‍ෂක අධ්‍යයන
ආයතනය (INSSSL) ආසියා පැසිෆික්
කාණ්ඩයේ 101 වන ස්ථානයට තේරී පත්ව
ඇත.
"2018 ගෝලීය බුද්ධි
මණ්ඩල (Think Tanks) වාර්තාව" පැරිස්, බීජිං, වොෂිංටන්, නිව් යෝර්ක්
ඇතුළු ලොව ප්‍රසිද්ධ නගර 150ක එළි දැක්වූ අතර ශ්‍රී ලංකාවේ එය එළි දැක්වීම සඳහා ජාතික
ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) වෙත ඇරයුම් ලැබිණි.
මෙම වාර්තාව එලි දැක්වීමට සමගාමීව 2019 වසරේ ජනවාරි මස 31
වන දින ජාතික ආරක්‍ෂක
අධ්‍යයන ආයතනය (INSSSL) මගින් "2019 දත්තයන් හා බුද්ධි
මණ්ඩලවල සමාජයට ඇති
වැදගත්කම (Why Facts and Think Tank Matters)” පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විද්වතුන් සහ වෙනත් බුද්ධි
මණ්ඩලවල (Think Tanks) නියෝජිතයන්හට ආරාධනා
කරන ලදී. INSSSLහි අධ්‍යක්‍ෂ ජනරාල්
මහාචාර්ය අසංග අබේගුණසේකර මහතා මෙහි මුලසුන ගත්තේය. එමෙන්ම INSSSLහි ජ්‍යෙෂ්ඨ
සාමාජිකයකු හා ප්‍රසිද්ධ මාධ්‍යවේදියකු වන ආචාර්ය රංග ජයසූරිය මහතා, මහාචාර්ය චන්ද්‍රා
ඇඹුල්දෙණිය මහතා, පර්යේෂණ කළමණාකරු
කසුනි රණසිංහ සහ පර්යේෂණ සහකාර නටාෂා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.
පළමුවෙන්ම සාකච්ඡාවට
අවතීරණ වූ මහාචාර්ය අබේගුණසේකර මහතා, බුද්ධි මණ්ඩලය (Think Tanks) මගින් අනාගත ප්‍රවණතාවයන් පුරෝකථනය
කිරීම තුළින් ප්‍රතිපත්ති සම්පාදකයන් ඉදිරියට ගෙනයාම, විචක්ෂණශීලී භූගෝලීය
පරිසරයක් තුළ ඉතා වැදගත් බව පැහැදිලි කළේය. එබැවින් සංකීර්ණ හා
අභියෝගාත්මක ගැටලු සම්බන්ධයෙන් නිසි තීරණ ගැනීමට විශ්වසනීය තොරතුරු සැපයීමේදී බුද්ධි
මණ්ඩලවල (Think Tanks) වැදගත්කම අවධාරණය
කළේය. මේ සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි මණ්ඩලවලට (Think Tanks) මුදල් ප්‍රතිපාදන
නොමැති වීම හා පර්යේෂකයන්ට ආකර්ෂණීය
වැටුප් නොමැතිකම ප්‍රධාන අභියෝගයක් බවත්, ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි රටවල් සමඟ සසඳන විට, ප්‍රතිපත්ති
සම්පාදකයින් විසින් බුද්ධි මණ්ඩල (Think Tanks) සඳහා විශාල වශයෙන්
ආයෝජනයට සහ උපදේශනයට යොමු වී ඇති බවත්, නමුත් ශ්‍රී ලංකා රජය
පර්යේෂණ හා බුද්ධි මණ්ඩල (Think Tanks) හඳුනාගෙන ඒවාට ආයෝජනය
කිරීමට අපොහොසත් වී ඇති බවත් ඔහු තම අත්දැකීම් ඇසුරින් පෙන්වා දුන්නේය.
බුද්ධි මණ්ඩල (Think Tanks) විද්වතුන් හා ප්‍රතිපත්ති සම්පාදන ප්‍රජාවන් අතර පොදු
මංසන්ධියක් ලෙස, ස්වාධීන හඬක්
ලෙස සේවය කළ යුතු බව නටාෂා ප්‍රනාන්දු මෙනවිය අවධාරණය කරයි. එමෙන්ම පර්යේෂණ
ප්‍රතිඵලවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වඩාත් වැදගත් වන කරුණු පිළිබඳ තීරණ
ගැනීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළා ය.
රණසිංහ මෙනවිය, තීරණ ගැනීමේදී සත්‍ය
කරුණු මත පදනම් වූ සාක්ෂි සහ දේශපාලන නායකයින්ට මාර්ගෝපදේශ සැපයීමේදී බුද්ධි මණ්ඩලවල (Think Tanks) කාර්යභාරය අවධාරණය කළා ය. රටක ප්‍රමුඛ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම සඳහා දේශපාලන
නායකයින් බුද්ධි මණ්ඩල (Think Tanks) භාවිතා කළ යුතු අතර, ඒ හරහා රටේ ප්‍රමුඛතා පිළිබඳව
මහජනතාවට ඒත්තු ගැන්විය යුතුය. මෙම වර්ධනයන් සඳහා, බුද්ධි මණ්ඩල (Think Tanks) පර්යේෂකයෙකුගේ සාම්ප්‍රාදායික
කාර්යභාරය වෙතින්, ''උපාය මාර්ගික උපදේශක” තත්වය වෙතට පත් කළ යුතු බව ද ඇය
තවදුරටත් අවධාරණය කළා ය.
අනාගත දේශපාලන
සිදුවීම් ගැන පුරෝකථනය කරමින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට රජය සඳහා විශේෂඥතාව සැපයීමේදී
බුද්ධි මණ්ඩල (Think Tanks) මගින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරයන්
පිළිබඳව ආචාර්ය රංග ජයසූරිය මහතා පැහැදිලි කළේ ය. එමෙන්ම ශ්‍රී ලංකා හමුදාවන්ට
එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමේදී එම පදනම් විරහිත
චෝදනාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායි උපාය මාර්ගයක් රජය වෙත ඉදිරිපත් කිරීම
සඳහා බුද්ධි මණ්ඩල වලට (Think Tanks) ඉටු කළ හැකිව තිබු කාර්යභාරය පිළිබඳ ශ්‍රී ලංකා
සන්දර්භය ඇසුරින් පැහැදිලි කළේය. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, බුද්ධි මණ්ඩල (Think Tanks) නිර්දේශපාලනීකරණය
තුලින් වැඩි ස්වාධීනත්වයක් ලබා දිය හැකි බවත් එමගින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉහළ
ගුණාත්මක බවින් යුත් උපදෙස් ලබා ගත හැකි බවත් ඔහු තව දුරටත් පෙන්වා දෙන ලදී.
අවසාන වශයෙන්, මහාචාර්ය චන්ද්‍රා
ඇඹුල්දෙණිය මහතා, බුද්ධි මණ්ඩල (Think Tanks) ප්‍රශ්න විසඳීමට උදව්
කරන ආකාරය සහ රාජ්‍ය සම්පත් සඳහා වත්කමක් ලෙස සේවය කරන ආකාරය
ගැන පැහැදිලි කළේ ය. ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් බුද්ධි මණ්ඩලවල (Think Tanks) යෝජනා බොහෝ දුරට
අනුගමනය නොකිරීමේ ගැටළුව පිළිබඳව හුවා දක්වමින්, බුද්ධි මණ්ඩල (Think Tanks) විසින් සිදු කරනු ලබන යෝජනා ප්‍රතිපත්ති
සම්පාදකයින්ට ඉදිරිපත් කළ හැකි අකාරයේ කමිටුවක් පිහිටුවීමට යෝජනා කළේ ය. එමෙන්ම, බුද්ධි මණ්ඩලවල (Think Tanks) කාර්ය සාධනය තක්සේරු
කිරීම සඳහා ඇගයීම් රාමුවක් ඔහු මෙහිදී ඉදිරිපත් කල අතර යෝජිත රාමුව වැඩි දියුණු
කිරීම සඳහා වෙනත් දේශීය බුද්ධි මණ්ඩල (Think Tanks) සමඟ කටයුතු කරන ලෙස INSSSLහි අධ්‍යක්‍ෂ
ජනරාල් මහාචාර්ය අසංග අබේගුණසේකර මහතාගෙන් ඉල්ලා සිටියේ ය.
ශ්‍රී ලංකා
ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ මාධ්‍ය නිවේදනය.
උදේශිකා ජයසේකර